නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ඖෂධ යැවීමේ නිරත වූ බව කියන ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු ඇතුළු තිදෙනකු තමිල්නාඩුවේදී ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය පවසයි.
යාපනයේ පදිංචි රාජා ගෝපාලන් සහ මුරුගන් නමැති දෙදෙනෙක් අත්අඩංගුවට පත්වූවන් අතර වෙති.
තමිල්නාඩුවේ රාමේෂ්වරම් නුවර වීතෙලෙයි සිට ඉන්දීය රුපියල් ලක්ෂ දෙකහමාරක් වටිනා ඖෂධ තොගයක් බෝට්ටුවකින් ලංකාවට යැවීමට කටයුතු කරන බවට රාමේෂ්වරම් පොලීසියට ලැබුණු ඔත්තුවක් අනුව වැටලීම සිදුකර ඇත.