යාපනය දිස්ත්‍රික්කයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීමත් සමග විශාල වශයෙන් මිල පහත වැටි තිබේ .
අද (30 ) දින වනවිට යාපනයෙන් ගෝවා , මිරිස් ,බිට් ,වම්බටු ,කැරට් ,මැකරල් ,අර්තාපල් අල ,ලුනු මල් ,කරවිල ,එළබටු ,අලු කෙසෙල් ආදී එළවළු වර්ග රැසක් ලැබී ඇති බව කළමනාකාර ක්‍රිස්ටි විජේරත්න මහතා පැවසිය .
සති තුනකට පෙර රුපියල් 1300 කට පැවැති අමුමිරිස් කිලෝව 240ක් දක්ව ද 140 තිබු වම්බටු 70 දක්වාද ,280කට අලෙවි වූ කැරට් 160 දක්වාද අඩුවී ඇත .යාපනයේ එළවළු ලැබෙන ආකාරය සමග දඹුල්ලේ එළවළු මිල තවත් අඩු වනු ඇතැයි වෙළෙන්දෝ කියති.







