යාපනේ කලබල කළ 127ක් සැකපිට


17 හැවිරිදි සිසුවියක සමූහ දූෂණයට ලක් කළ බව කියන සැකකරුවකු වැල්ලවත්තේ සිට උසාවියට ඉදිරිපත් කිරීමේ දී අද ඇතිවූ කළබළයේ දී පොලිසියට ද ගල් මුල් ගසා තුවාල සිදුකළැයි සැකපිට 127 දෙනෙකු පමණ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

එම පිරිස එන්නට ඇතැයි සිතන පාපැදි 60ක් ද, යතුරු පැදි 43ක් ද, ත්‍රීරෝද රථ පහක් ද පොලිස් බාරයට ගෙන ඇත.

දැරිය දූෂණය කළ පිරිස අතර ස්විස්ටර්ලන්තයේ රැකියාව කරන ලාංකිකයකුද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ රුවන් ගුණසේකර මහතා පවසයි.