යාපනේ උසාවිය ළඟ කඳුළු ගෑස්


යාපනයේ පාසල් සිසුවියක සමූහ දූෂණයට ලක්කර මැරීයැයි කියන තවත් සැකකරුවකු වැල්ලවත්තේ දී අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් වෙත අද ඉදිරිපත් කිරීම ආරක්ෂක හේතු මත කල් තැබීමට පොලිසියට සිදු විය.

එම  පුද්ගලයා තමනට පෙන්වන ලෙස ඉල්ලමින් යාපන වැසියෝ උසාවිය අසල රැස්වී සිටියහ.

ඔවුහු විරෝධතා පාඨ කියමින් පාර අවහිර කිරීම නිසා පොලිසිය කඳුළු ගෑස් ගසා විසිරුවා හැරීමට උත්සාහ කළේය.

කලින් අත්අඩංගුවට ගත් සැකකරුවෝ අට දෙනෙක් පෙරදින රිමාන්ඩ් කරනු ලැබූහ. ඔවුන් උසාවියට ගෙන එද්දී අවට රැස්වී සිටියවුන්ගෙන් සැකකරුවන් බේරා ගැනීමට පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.

මේ හේතුව නිසා යාපනයේ කඩ සාප්පු වසා තිබිණි.

මෑතදී ඉන්දියාවේ මේ ආකාරයේ සමූහ දූෂණ සිද්ධියක් වාර්තා විය.

16(1) 16 19(2)

03 05 06 07 10 11