යාපනය දිස්ත්‍රික්කය තුළ කිසිදු ආකාරයක උද්ඝෝෂණ හා පෙළපාලි තහනම් කරමින් උසාවි නියෝගයක් ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
උතුරේ සංවිධාන තුනකට එරෙහිව එම උද්ඝෝෂණ වැලැක්වීමේ නියෝගය නිකුත් කර ඇත.
දෙමළ ජාතික සංධානයේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රී ටී. කුමාර වේලු සභාපතිත්වය දරණ ජනතා බලය සංවිධානය, යාපනයේ කාන්තා බලය හා උතරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි ශෂිදරන් මුලිකත්වය දරණ සංවිධාන එම සංවිධාන තුනයි.
පුංගුඩුතිව් හි පාසල් සිසුවිය සමූහ දූෂණය කර ඝාතනයෙන් පසු එයට එරෙහිව යාපනය පුරා මෙන්ම නැගෙනහිර පළාත තුළද විරෝධතා, හර්තාල් ආදිය පැවැති අතර මේ වන විට යාපනයේ තත්ත්වය යහපත් බවට හැරී ඇතැයි පොලිසිය කියයි.

