යාපනය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ශිෂ්‍ය විජයකුමාර් සුලක්ෂන්ගේ අවසන් කටයුතු අද (24) විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු විය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයෝද, යාපනය විශ්ව විද්‍යාල සිසුහුද, විශාල පිරිසක් අවමඟුල්ට පැමිණ සිටිති.
සුලක්ෂන් සිසුවා විකට නළුවකු මෙන්ම සමාජ ක්‍රියාකාරියකු ලෙසද ප්‍රසිද්ධව සිටියේය.
රිය අනතුරකින් මිය ගියැයි පොලිසිය මුලින් කී සිදුවිමේ මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ සුලක්ෂන්ට වෙඩිවැදී ඇති බවයි.
මෙම සිදුවීමට සැකපිට පොලිසියේ පහක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.







