යාපනයේ බීට් රූට් කිලෝවක තොග මිල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද රුපියල් 8 -10 අතර විය. කිලෝ මීටර් 265ක් ගෙවා දඹුලු අවුත් රෙද්දේ අත පිසදාගෙන යෑමට සිදුවී ඇතැයි උතුරු ගොවියෝ කියති. කිලෝ 50ක බීට් රූට් ගෝනියකට රුපියල් 270ක් ගෙවීමට සිදුවේ. කිලෝව රුපියල් අට ගණනේ බීට් කිලෝ 500 ලැබෙනුයේ රුපියල් 400කි ඒ අනුව අත ඉතිරිවන රුපියල් 130 මඟ වියදමවත් මදි බව ගොවියෝ කියති.