යාපනයේ පොළොව හෙල්ලෙයි


යාපනය පූදූර් බටහිර නවගිරි ප්‍රදේශයේ අද අලුයම 2.45 ට පමණ  භූ චලනයක් ඇති වූ බවට නවගිරි ප්‍රදේශවාසීහු කියති. 
මේ සම්බන්ධයෙන් කරුණු වමසීමේ දී එය පොළොව මට්ටම ආසන්නයේ හුණුගල් ස්ථරවල ඇති වූ දෙදිරීමක් ලෙසට සැක කරන බවට යාපනය  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය. මෙම චලනය හේතුවෙන් නවගිරි ප්‍රදේශයේ නිවාස කිහිපයක මෙන්ම ඉඩම් කිහිපයකම පොළව පැලී ඇති බව ප්‍රදේශවාසීහු කියති.

53 54 55 56 57