(ප‍්‍රදීප් කුමාර)
යාපනය දිස්තී‍්‍රක්කයේ පැවති කොරෝනා අවදානම් තත්වයත් සමග වසා දැමුණු පොදු වෙළදසැල් යළිත් විවෘත්ත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
ඉකුත් මාසයේදී සෞඛ්‍ය අංශ උපදෙස් මත මෙසේ යාපනය දිස්ති‍්‍රක්කයේ පොදු වෙළදසැල් වසා දමන ලදි.
ඒ අනුව තිරුණවේලි පොදු වෙළදසැල, මරුධර්නාඩම් පොදු වෙළදසැල හා යාපනය දිස්ති‍්‍රක්කයේ අනෙකුත් පොදු වෙළදසැල් මෙසේ මහජනතාව වෙනුවෙන් විවෘත කොට තිබේ.
ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් අදාල වෙළදසැල් භාවිත කරණු ලබන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය රීතීන්ට අනුව සිය දෛනික කටයුතු පවත්වාගෙන යන ලෙසටයි.

