යාපනයේ පාසල් 14ක සිසු සිසුවියෝ ජනපති කාර්යාලයට


(අංජුල මහික වීරරත්න)

යාපනයේ පාසල් 14ක සිසු සිසුවියන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගී වීමට  අවස්ථාව උදා විය.

යාපනය අධ්‍යාපන කලාපයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිතයෝ මීට ඇතුළත් වූහ.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

යාපනය කලාපයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිතයින් ජනාධිපති කාර්‍යාලයට පැමිණි පළමු අවස්ථාවද මෙය වේ.

මෙම අවස්ථාවට සහභාගී වූ සිසුසිසුවියන් හට “ Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි.

මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම සංකේතවත් කරමින් තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදු කෙරිණි