(සිතුම් චතුරංග)
මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් ඉන්දිය ධීවරයින් සිදුකරන මත්ස්‍ය කොල්ලය නවතා දැමීමට මැදිහත්වන ලෙසට බලකරමින් යාපනය දිස්ත්‍රික් ධීවර ජනතාව යාපනය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට අද (27) විරෝධතාවයක නිරතවුහ.
විරෝධතාවයෙ නිරත ධිවරයින් යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයෙ සිට යාපනය ඉන්දීය නියොජ්‍ය මහ කොමසාරිස්වරයා හමුවීමට පැමිණි අතර පොලිසිය මාර්ග බාධක යොදා විරොධතාකරුවන් පැමිණි මාර්ගය අවහිර කිරීම හේතුවෙන් දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගැනිණ.
ඉන්දීය ධීවරයින් ට්‍රෝලර් යාත්‍රා යොදාගෙන මෙරට මුහුදු සීමාවේ සිදුකරන මත්ස්‍ය කොල්ලකෑම වහාම නවතාදෙන ලෙසට විරෝධතාකරුවන් එහිදී රජයෙන් සහ ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියහ.
මෙරට රජය සහ ඉන්දීය රජය විසින් සිදුකරන ගණුදෙනු හෙතුවෙන් උතුරු පළාතෙ මුහුදු කලාපය තමන්ට අහිමිව අැති බවත් එය මෙ වන විට ඉන්දියානු ධීවරයින්ගෙ රාජධානියක් වී අැති බවත් විරොධතාකරුවෝ පැවසූහ.