යාපනය සිසුවාගේ අවමඟුලට ජන ගඟක්


යාපනයේ දී සැකකටයුතු ලෙස මිය ගියැයි කියන විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවකුගේ අවසන් කටයුතු අද දහවල් ආරම්භ විය.

යාපනය විශ්ව විද්‍යාලයයේ දේශපාලන විද්‍යා අංශයේ සිසුවකු වූ නඩරාසා කජන්ගේ දේහය කිලිනොච්චියේ   නිවසේ සිට සුසාන භූමිය කරා ගෙන යන අවමඟුන් පෙරහරට මහා ජන ගඟක් එක්ව සිටිති.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු රැසක් ද ඊට සහභාගී වෙති.

අවමඟුල් පෙරහරේ යන වැඩි දෙනකුගේ අත විරෝධතා පුවරු දක්නට හැකි විය.

මෙය රිය අනතුරක් බව පොලිසිය මුලින් කී අතර පසුව අනාවරණය වූයේ එක් සිසුවකුගේ සිරුරේ වෙඩි සලකුණු ඇති බවයි.

මෙම සිද්ධියට සැකපිට පොලිසියේ පස් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

vi44ber-image vi55ber-image vibe44r-image vibe88r-image viber-im4age viber-im55age viber-imag5e viber-image viber-imagess.jpg2