යාපනය ස්ටැලියන්ස් අවසන් මහ තරගයට


(යොහාන් භාසුර)

තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය ස්ටැලියන් කණ්ඩායම ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (14) රාත්‍රී සමත් විය. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී යාපනය ක්‍රීඩකයෝ ලකුණු 37 කින් දඹුල්ල වයිකිංස් පිල පරාජය කිරීමට සමත් වූහ.

ගාල්ල ග්ලැඩියේටර්ස් සහ යාපනය ස්ටැලියන්ස් අතර අවසන් මහ තරගය සූරියවැවදී බදාදා (16) රාත්‍රී පැවැත්වේ.

තරගයේ සම්පූර්ණ විස්තර සඳහා http://www.kelimandala.lk වෙත පිවිසෙන්න