‘‘දෙමළ ජනතාවගේ පිපාසය දෙමළ ඊළමයි ’’ යන පාඨය මුල් කරගනිමින් යාපනය විශ්ව විද්‍යාලයේ ස්ථාන ගණනාවක කිසියයම් පිරිසක් විසින් කොටි සංවිධානයේ මහවිරු දින සැමරීම සඳහා පෝස්ටර් අලවා ඇතැයි එහි සිසුහු පවසති.
‘දෙමළ ජනතාවගේ පිපාසය දෙමළ ඊළමයි ඊළාම් රාජ්‍ය බිහි කිරීම වෙනුවෙන් මියගිය විරුවන් සමරමු’ වැනි වාක්‍ය සහිත පෝස්ටර් එහි අලවා ඇත. කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය හෙට දිනය නොවැම්බර් 26 බවත් එම සංවිධානයේ මිය ගියවුන් වෙනුවෙන් සිදු කෙරෙන මහවිරු දින සැමරුම නොවැම්බර් 27 වැනිදා සිදු කරන බවත් එම පෝස්ටර්වල සඳහන් වී තිබේ.
පෝස්ටර් ඇලවූ අය කව්රුන්ද යන්න මෙතෙක් හෙලිවී නොමැති අතර සෑම වර්ෂයක්ම දෙසැම්බර් මස 20 ත් 30 ත් අතර කාලයේ යාපනය සරසවියේ බොහෝ ස්ථානයන්හි මෙවැනි පෝස්ටර් ඇලවෙන බව යාපනය පොලීසිය කියයි.
කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් කර ඇත.





