යාපනය විශ්ව විද්‍යාලයේ නව කාන්තා සිසු නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් එහි සිසුවියන්ගේ බඩු භාණ්ඩ රැසක් පිළිස්සී විනාශයට වූ බව පොලිසිය කියයි.
මෙලෙස ගිනිගැනීමට ලක්වූ නේවාසිකාගාරයට යාබද ගොඩනැගිල්ලේ පළමු මහලේ හටගත් සුළු ගිනි ගැනීම් තත්වයක් මෙලෙස පැතිරගොස් ඇති අතර එම ගින්න අද දහවල් වන විට සිසු නේවාසිකාගාරයේ බොහෝ ප්‍රදේශවලට පැතිර ගොස් තිබුණි.
ගින්න පාලනය කිරීම සදහා සරසවි භූමියට පැමිණි ගිනි නිවීමේ හමුදාව දැඩි වෙහෙසක් දරමින් ගින්න නිවා දැමීමට සමත් විය.
යාපනය සරසවි නේවාසිකාගාරයක අද හටගත් ගින්න නිසා හෙට (27) පැවැත්වීමට තිබූ සරසවියේ අවසන් වසරේ විභාගයන් සහ ලබන 30 වැනිදා පැවැත්වීමට තිබූ පළමු වසරේ විභාගයත් දින නියමයක් නොමැතිව කල්දමා ඇතැයි විශ්ව විද්‍යාලයේ රෙජිස්ටාර්වරයා විශ්ව විද්‍යාල සිසුන්ට නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.





