යාපනය වෙරළ තීරයෙන් කේරළ ගංජා මතුවෙයි


 (රොමේෂ් මධුෂංඛ)

 යාපනය මාදගල් වෙරලතීරයට ගොඩගසා තිබූ රුපියල් මිලියන 41 කට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 126 ග්‍රෑම් 800 ක් සොයාගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් මුහුදු වෙරල ප්‍රදේශයේ සිදුකරන ලද පාමු සංචාර සෝදිසියකදී වෙරලේ දමාගොස් තිබූ උර 4 ක් දැක පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය සොයාගනු ලැබීය.

එහිදී උර පරික්ෂා කිරීමේදී පාර්සල් 55 ක මෙම ‍කේරල ගංජා තොගය හමු වී ඇති අතර ජාවාරම් කරුවන් විසින් කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙවිත් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමට සිටියදී නාවික හමුදා නිලධාරීන් දැක ජාවාරම් කරුවන් විසින් කේරලගංජා මෙලෙස දමා පලා යන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කර සිටියි.

සොයාගත් කේරල ගංජා තොගය ඉදිරි නීතිමය පියවර ගන්නා තෙක් නාවික හමුදා භාරයේ තබාගැනීමට පියවර ගෙන ඇත.