යාපනය පොලිසියේ පස් දෙනා යළි රිමාන්ඩ්


යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් කරන සිටින පොලිස් නිලාරීන් පස් දෙනා ලබන මස 9 දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස්. සදීෂ්වරන් මහතා අද නියෝග කළේය.

සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් කරන ලද පරීක්ෂණ අත්හිටුවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව යාපනය මහේස්ත්‍රාත්   ඉදිරියේ කරණු දක්වමින් අවධාරණය කළේය.   මෙම සිසුන් දෙදෙනාගේ දෙමාපියන් ඇතුළු ඥාතීන් වෙත පොලිසියෙන් යම් අකටයුත්තක් හෝ බලපෑමක් සිදුව ඇති නම් ඔවුනට ඒ බව අධිකරණයට හා පොලිස්පතිවරයා වෙත පැමිණිලි කළ හැකි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සදහන් කර සිටියේය.

යාපනය කොකුවිල් ප්‍රදේශයේදී යාපනය සරසවියේ කලා පීඨයේ සිසුන් දෙදෙනකු වන නඩරාජා කජන් සහ විජයකුමාර් සුලක්ෂන් යන සිසුන් දෙදෙනාගේ මරණ සිදුවූයේ පොලිස් වෙඩි පහරකින් යැයි චෝදනා එල්ල වී තිබේ. එම මරණ සම්බන්ධයෙන් වන නඩු විභාගය ඊයේ  යාපනය මහේස්ත්‍රාත් එස්.සදීෂ්කරන් මහතා ඉදිරියේ  කැඳැවිණි.

image-0-02-06-735b9e7428993e050dd2e2fc517cb477d738c49d99a381c28ee2020638ff4463-V image-0-02-06-c2fda45b0d36063faa836509e438c5191de29907151bc6b0d33344a452450b92-V