පොලිස් වෙඩි පහරින් මියගිය යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනාගේ පවුල්වලට රජයේ වියදමින් නිවාස පිරිනමන බවත් එම සිසුන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින් දෙදෙනකු රාජ්‍ය සේවයට බඳවා ගන්නා බවත් නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා සහතික වී ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ නඩරාජා කජන් සහ විජයකුමාර් සුලක්‍ෂන් යන සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් එම සිසුන් දෙදෙනාගේ දෙමාපියන් සහ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් යාපන සරසවියේ දී හමුවී කළ සාකච්ඡාවක දී ඇමැති මෙසේ පැවසීය.
මෛතී‍්‍රපාල සිරිසේන ජනපති උපදෙස් මත මියගිය සිසුන් දෙදෙනා වෙනුවෙන් වන්දි පිරිනැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කර සිටින බවද ස්වාමිනාදන් මහතා මෙහිදී සදහන් කර ඇත.