යාපන සරසවි සිසුහු ඒ9 මහපාරේ


යාපනය මහනුවර ඒ නවය මාර්ගයේ විරෝධතාවයේ නිරත විශ්ව විද්‍යාල සිසුහු මින් මද වේලාවකට පෙර යාපනය මහ දිසාපති එල් වේදනායගම් මහතාට කොන්දේසි සහිත ලියැවිල්ලක් බාර දුන්නේය. 

ඒ අනුව මාසයක් ඇතුළත වැරදිකරුවනට මහාධිකරණයේ නඩු පැවරිය යුතු බවත් මියගිය සිසුන් දෙදෙනාගේ මව්පියනට මාසික වන්දියක් ගෙවිය යුතු බවත් එම සිසුන් රිය අනතුරකින් මිය ගියැයි කියන කථාව ප්‍රචාරය කරන අයට එරෙහිව ජාතික පොලිස් කොමිසම මගින් විමර්ශනයක් කළ යුතු බවත් මෙම කොන්දේසි රජය ඉටු කරන්නේ දැයි නිරීක්ෂණය කිරීමට දේශීය හා විදේශීය මානව හිමිකම් නිරීක්ෂකයන්ට මැදිහත්වීමට අවස්ථාව ලබා දෙන ලෙසත් එම ලියැවිල්ලෙන් සිසුහු ඉල්ලා සිටිති. 

භාෂා තුනෙන්ම ලියැවූ එම ප්‍රකාශනය අනුව අවශ්‍ය පියවර ගන්නා තෙක් අරගල කරන බව ද විශ්ව විද්‍යාල සිසුහු පවසති.

බොහෝ විට තවත් ටික වේලාවකින් සිසු උද්ඝෝෂණය අවසන්වීමට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.


යාපනයේ සරසවි  සිසුන්  දෙදෙනකුගේ  මරණ සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින්  යාපන සරසවි  සිසුහු  දහසක්  පමණ අද (24) උදේ  යාපන  කච්චේරියේ  දොරටු තුනම අවහිර  කරමින් උද්ඝෝෂණයක්  ඇරඹුහ.

දිසාපති  කාර්යාල සේවකයෝ  කාර්යාලය ඇතුළු වීමට නොහැකිව පාරේ සිටිති. නගරයේ ආරක්ෂාව ද තරකර ඇත.

 

0-02-06-58f3dc3c85a0c29e6bacd1a7367cb112356aa764b1bf39219bdd101d94bbd2c5_full

0-02-06-5782e4f744958e535f61a2e486153faffe2ef3330fa987d23bd18a6a31c36f4d_full 0-02-06-265cb304fff23dc17f710b857622b96482f4182ae6c38bb4f5620e06aad39c27_full0-02-06-0d23a69cc02834002df2aa78cffd81311a2b7c6462877bb527d763f3b517896d_full 0-02-06-5fb72c4979cec9105744708f77cbaf25e2ffca690b130550289df101e79e739a_full 0-02-06-7b8795c4c7ca729b33bd838c37297118d56f44165266fc75f357b53f40f9cb7c_full

0-02-06-2e0780306cf2d476690f60df4bb3fa48968de080264ec8c8929cbe25e7420359_full  

0-02-06-734a5bae0efdf404f254e123b3b06a8362a8c86630c0fa3d39cacdf481385f71_full 0-02-06-aaaa27c3b3d5888aec31841086b2b8337289104794c311dfc551f37b135fe527_full 0-02-06-20447709f0ade2adf2de32ca650f7418d656c6e80f691b3746701014ca14c3a5_full 0-02-06-ff8f0ab1280700f1874acc1b09d34e9a78f8981d2362011d71f95e669d8086eb_full

 

ජායාරූප - තරිඳු ජයවර්ධන