යාපන දියණිය වෙනුවෙන් කාන්තා සංවිධාන මහ පාරේ


විද්‍යා සිවලෝගනාදන් ශිෂ්‍යාව උතුරේදී සමූහ දූෂණයට ලක්කර මරා දැමූ සාහසිකයන්ට කඩිනමින් දඬුවම් පමුණුවන ලෙස හා රටේ ස්ත්‍රී දූෂණ හා හිංසන වැළැක්වීමට කටයුතු කරන ලෙස වගකිවයුතු අංශවලට බලකරමින් අද සවස කාන්තා හා ස්වේච්ඡා සංවිධාන එකමුතුවෙන් බොරැල්ල කනත්ත වටරවුම අසලදී උද්ඝෝෂණයක් පැවැත්විණි.