යාපන තැපැල් දුම්රියත් ඇරැඹේ


උතුරු දුම්රිය මාර්ගය අරඹා මාසයකදී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් උපයාගත් බව යාපනය දුම්රිය ස්ථානාධිපතී ටී ප්‍රදීපන් මහතා කියයි.

සිකුරාදා (14)  සිට රාත්‍රී තැපැල් දුම්රිය සේවයද යළි ඇරැඹේ.

දකුණේ සිට උතුරට  මගීන් විසි එක් දාහක්ද උතුරේ සිට දකුණට මගීන් විසි අට දහසක්ද  මුල් මාසයේ ගමන් කර ඇත.

සාමාන්‍ය දුම්රිය ගාස්තුව රුපියල් තුන්සිය විස්සකි.යාපනයේ කෘෂි නිෂ්පාදන දුම්රියෙන් කොළඹ  ගෙන එන බව දුම්රිය නිලධරයෝ කියති.