යාපන ගොවියෝ මිරිස් සැරත් බස්සති


හය මාසයකට පමණ පසු එළවළු මිල පහත වැටෙන ලකුණු අද පහළ විය.

යාපනයේ එළවළු අස්වැන්න 26 දින විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබේ . ඒ අනුව විශාල වශයෙන් අමු මිරිස් ,බිට් ,අර්තාපල් අල , කැරට් කෙසෙල් ,බෝංචි ,වම්බටු ,ආදී කිලෝ 50000ක් පමණ ලැබී ඇති බව වෙළෙන්දෝ කියති .

පසුගියදා රු210 ට අලෙවි වූ කැරට් කිලෝව රු 150 දක්වා ද රු 210 ට අලෙවි වූ බිට් කිලෝව රු 100 දක්වාද රු 700/800ට අලෙවි වූ අමුමිරිස් කිලෝව රු 300 දක්වාද 120 කට අලෙවි වූ අර්තාපල් කිලෝව රු 80 දක්වාද 210 අලෙවි වූ බෝංචි කිලෝව රු 70 දක්වාද ,රු 110 ට අලෙවි වූ වම්බටු කිලෝව 50 දක්වාද 190 ට අලෙවි වූ කරවිල කිලෝව 70 දක්වාද පහත වැටි තිබිණි .

දඹුල්ලේ වෙළෙන්ඳන් කීවේ යාපනයේ ගොවින් විසින් තම අස්වැන්න දඹුල්ලට ගෙනවිත් රටේම එළවළු මිල පහත දැමු බවයි ,යාපනයේ සිට දඹුල්ලට පැමිණි ගොවින් කියා සිටියේ ඉදිරි දින කීපයේ තව විශාල වශයෙන් එළවළු ලැබීමට නියමිත බවය.

DSC06175 DSC06190 DSC06191 DSC06200 DSC06208 DSC06209 DSC06214 DSC06219 DSC06224