යාපන කිලිනොච්චි වැල්ලට අව පීඩනයක්


යාපනය වෙරළ ආසන්නයේ වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතයක් හේතුවෙන් වෙරළේ සිට මීටර 100ක පදිංචි ජනතාවට නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාර කාලගුණ විද්‍යාඥ චන්දන රොද්‍රිගු මහතා පවසන්නේ අද උදෑසන වනවිට අවපීඩන කලාපය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 200ක් පමණ දිවයිනට නැගෙනහිර දෙසින් පවතින බවයි. එය අද දිනයේ යාපනය අර්ධද්වීපය හරහා හෝ ඒ ආසන්නයෙන් ගමන්කරනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අවපීඩන කලාපයේ බලපෑමෙන් උතුරේ මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර 100ක වේගයෙන් හමායන තද සුළං සමග තද වැසි ඇතිවිය හැකියැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. යාපනය, මන්නාරම සිට කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශයේ ද තද වැසි ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.