යාපන කඩු කිනිසි කල්ලියේ පහක් අත්අඩංගුවට


යාපනය නල්ලූර් අරසඩවීදි මන්සන්ධියේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගයින්ට තුවාල කළ හා වෙළඳසැලකට ගිනිතබා අලාභ හානි සිදුකළ බව කියන යතුරුපැදි කල්ලියේ පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව යාපන පොලිසිය කියයි.

ඔවුන් සතුව තිබී කඩු 4ක්, අත් පොරෝ 1ක්, කෙටේරි 1ක්,යතුරු පැදි 1ක්ද, පොලිස් බාරයට ගෙන ඇති අතර සැකකරුවන් අද (1) අධිකරණයට  ඉදිරිපත් කිරිමට නියමිතය.  

සිද්ධියෙන් තුවාල ලැබූවන් දෙදෙනෙකු මේ වන විට යාපනය රෝහලේ ප්‍රතිකාර ලබයි.

IMG_9036 IMG_9038 IMG_9046 IMG_9048