යාපන උසාවිය ලහි ලහියේ හදයි


පුංගුඩුතිව් පාසැල් සිසුවියගේ ඝාතනය සහ ඉන් අනතුරුව හට ගත් කලහකාරී තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පත් කරනු ලැබ සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , කොළඹ  අපරාධ කොට්ඨාශය සහ   පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරීක්ෂණ අරඹා ඇත.

 යාපනය දිස්ත්‍රීක්කය සාමාන්‍ය තත්වයට පත්ව ඇති බවත්, යාපනය මහේස්ත්‍රාත් පොන්නතුරෙයි ශිවකුමාර් මහතා විසින් උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිධරන්ගේ සංවිධානය ඇතුලූ තවත් සංවිධාන තුනකට තහනම් නියෝගය පැනවීමත් සමගම ඊයේ හෝ අද දිනයන්හි විරෝධතාවක් හෝ උද්ඝෝෂණයක් නොතිබූ බවත් යාපනය පොලිසිය පවසයි.

විරෝධතාකරුවන් විසින් ගල් ගසා හානි කළ යාපන අධිකරණ ශාලාව වහ වහා අලුත්වැඩියා කරගෙන යයි.

අගවිනිසුරු කේ ශ්‍රී පවන් යාපනයට ගොස් දුන් උපදෙස් අනුව මේ පියවර ගෙන ඇත.

2

2 04[1] 05[1] 06[1]