අතුරුදන් වූ මැලේසියා ගුවන් යානයේ යැයි සිතිය හැකි කොටස් දෙකක් චන්ද්‍රිකා ඡායාරූපවලින් සොයාගෙන ඇතැයි ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් මහතා කියා ඇත. ඔහු පවසන්නේ මේ කොටස් ඉන්දියන් සාගරයේ දකුණු ප්‍රදේශයේ දක්නට ලැබුණු බවයි. මේවා කවර ආකාරයක කොටස් ද යන්න මෙතෙක් හදුනාගෙන නැති බව ද ඕස්ට්‍රේලියාවේ අගමැති වරයා පවසයි.
ඔහු පවසන්නේ මේ ගැන තමන් විසින් මැලේසියානු අගමැති නජීබ් රසාක්ට දුරකථනයෙන් දැනුම් දුන් බවයි. ඕස්ට්‍රේලියාවේ යානා කිහිපයක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සදහා යොදවා ඇත.


