නාරාහේන්පිටින් සොයා ගත් සැහැල්ලු ගුවන් යානය තමාගේ බව චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන චන්ද්‍රන් රත්නම් මහතා කියයි.
ශ්‍රී ලංකාවේදී සාදන ලද එම යානය දෙවරක් පමණ පියාසර කර තමා ළඟ තිබූ බවත්, හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ තමාගෙන් එය ඉල්ලා ගත් බවත් ඔහු කියයි.
එම යානය පියාසර කළ හැකි තත්ත්වයේ නැති බව ද රත්නම් මහතා පවසයි.
සිවිල් ගුවන් සේවා ආරංචි පවසනුයේ ශ්‍රී ලංකාවේ සියලු යානා එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බවයි.
එහෙත් මෙම යානය එහි ලියාපදිංචි කර ඇත්දැයි ක්ෂණිකවම දැන ගත නොහැකි විය. ලියාපදිංචි නොකළ යානා ගුවනට නැංවීම තහනම්ය.
මෙවැනි යානා කොටි සංවිධානය සතුව පැවැති බවත්, ඔවුන් බෝම්බ දැමීමට පැමිණියේ එවැනි යානාවලින් බවත් ගුවන් යානා ගැන දන්නා අය කියති.

