අතුරුගිරිය හොරහේනේ ශාන්ත කැතරින් වත්තට ඇන්ටනෝව් 32 ගුවන් යානය කඩා වැටෙන්නට තත්පර කිහිපයකට පෙර එය ලූනු මිදෙල්ල ගසක වැදී ගස දෙකට කඩා වැටුණු බව ගැමියෝ කියති.
දැඩි මීදුම නිසා ගුවන් නියමුවාට ධාවන පථය නොපෙනෙන්නට ඇතැයි එම ස්ථානය පරීක්ෂා කිරීමට ගිය කඩුවෙල මහේත්‍රාත් ධම්මික හේමපාල මහතාද කීවේය.
යානය ලුණු මිදෙල්ල ගසේ හැපීමත් සමඟ මහ හඩක් ඇසුණු බවත් ප්‍රදේශවාසීහු නිවෙස්වලින් එළියට පැමිණ බැලු බවත් කියති. එතැන සිට මීටර් 400ක පමණ දුරින් ගුවන් යානය වැටී තිබෙනු තමා දුටු බව ටී එන් සමන් කුමාර මහතා කියයි.

