හික්කඩුවේ යාඥා මධ්‍යස්ථාන දෙකකට පසුගිය 11 දා ගිනිතබා අලාබහානි කළැයි කියන සැකකරුවන් 26 දෙනකු හඳුනාගෙන ඇති බවත් ඒ අතර භික්ෂූන් වහන්සේ දහ නමක් සිටින බවත් පොලීසිය ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්ද්‍රකුමාර මුණසිංහ මහතා හමුවේ අද කියා සිටියේය.
ඔවුන්ට නොතීසි නිකුත් කරන්නැයි පොලිස් අධිකාරී උපාලි බණ්ඩාරනායක මහතා ඉල්ලීමක් ද කළේය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලතල පොලීසියට ඇති නිසා නොතීසි නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යුත් නාලිකාවල පලවූ වීඩියෝ හා ඡායාරූපවල සංස්කරණය නොකළ දර්ශන පොලීසියට ලබාදෙන ලෙස මහේස්ත්‍රාත් වරයා එම නාලිකා වලට නියෝග කළේය.