යාච්ඥා මධ්‍යස්තානයකට ගිය හිමි නමකටත් ඇප


හෝමාගම මීගොඩ කජුගහයටදෙණියේ යාච්ඥා මධ්‍යස්තානයකට පහර දුන්නැයි සැකපිට හිමි නමක් ඇතුළු සිව් දෙනකු රුපියල් පනස්දහසක ශරිර ඇප මත මුදා හරින ලෙස වයි  ආර් බී නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.

හෝමාගම පිටිපන  පුරාණ විහාරාධිපති හෝමාගම සීලවංශ හිමි ,චන්ද්‍රපාල මාපලගේ ,සුනිල් පෙරේරා හා දමීර නිලංග එම සිව් දෙනා වේ.

සීලවංශ හිමියන්  අධිකරණයට දැන්වුයේ ඉරිදා දිනයක් වු එදින දහම්පාසල පැවැත් වු බවයි.

යාච්ඥා මධ්‍යස්තානයට නොගිය බවද එය බොරු ප්‍රකාශක් බවද කීවේය.

දෙපාර්ශවයේ කරුණු වලට සවන් දුන් මහෙස්ත්‍රාත්වරයා  අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරගෙන සාමයෙන් සිටින්නැයි දෙපාර්ශවයටම අවවාද කළේය.