අපරාධකරුවන් අත්අඩංගුවට නොගෙන අසරණ සිඟන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ මන්දැයි මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් රෂන්ත ගොඩකවෙල මහතා අද (6) බොරැල්ල පොලිසියෙන් ප්‍රශ්න කළේය.
ප්‍රසිද්ධ ස්ථානවල සිගමන් යෙදීමෙන් දිනකට රුපියල් 15000ක් පමණ උපයන බව කියන කඩවත, ඇල්දෙණියේ පදිංචි ගණේපුර දේවගේ ප්‍රේමලාල් උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත් එලෙස ප්‍රශ්න කර යාචකයා අවවාද කර මුදා හළේය.