මෛත්‍රිපාල සිරිසේන මහතා දිනන බවට ඔට්ටු ඇල්ලූ මාතර යාචකයකු හා සාස්තරකරුවෙක් ලක්ෂපතියෙක් විය.
පළතුරු ව්‍යාපාරිකයකු හා වෙළඳ සහායකයකු සමග ඔට්ටු අල්ලා රුපියල් එක් ලක්ෂ විසි දහසක් ජයග්‍රහණය කළේ ඩබ්ලිව්.අප්පුහාමි (72) යාචකයාය.
සිරිසේන මහතා ජයගන්නා බව පවසමින් නායිම්බල පදිංචි පළතුරු ව්‍යාපාරිකයකු සමග රුපියල් පනස් දහස බැගින් රුපියල් ලක්ෂයක් ඔට්ටු අල්ලා ව්‍යාපාරිකයකු වූ ඩී.පී.රණතුංග (65) මහතා ළඟ තැබීය.
අප්පුහාමි සමග තවත් රුපියල් දස දහස බැගින් පළතුරු කඩයක සේවකයකු වූ ජී.එච්.දිනේෂ්ද (28) එම මුදල මාතර දොඩම්පොළේ ව්‍යාපාරිකයකු වූ කේ.ඒ.සමන්ද (40) සමග තවත් ඔට්ටු දෙකක් ඇල්ලීය.
ඔවුහු තෑගි මුදල් අප්පුහාමිට භාර දුන්හ.
සිඟමනට අමතරව අප්පුහාමි සාස්තරද කියයි. ඔහු රාත්‍රී කාලයේ මාතර දොඩම්පොළේ වෙළඳසල්වලට ආරක්ෂාව සපයමින් දිනකට රුපියල් දෙසීයක්ද උපයයි.



