බුලත්සිංහල හල්වතුර කෝන්ගස්තැන්න මාර්ගය අලුත්වැඩියා කොට බස් ධාවනය කරන ලෙස බල කරමින් මහා සංඝරත්නය, සිංහල, දෙමළ ජනතාව සහ පාසල් සිසුන් 1000කට අධික පරිසක් උද්ඝෝෂණයක් කළහ.
ඉංගිරිය හොරණ මාර්ගය හරස් කරමින් බස් රථ සහ රථවාහන නතර කැර තිබිණි.
කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා බුලත්සිංහ එජාප ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතා සාමකාමී උද්ගෝෂණයේ දී ජනතාව සමග සිටියහ.