යළිත් සුශාන්ත්ට ප්‍රශ්නයක්


2016-12-11-ent-70

‘එම්.එස්.දෝනි’ චිත්‍රපටය තුළින් අතිශය ජනප්‍රිය වූ බොලිවුඩ් නළු සුශාන්ත් රාජ්පුත් සිංට අකරතැබ්බයකට යළිත් මුහුණ දෙන්නට සිදුව තිබේ. ඒ ඔහු පසුගියදා පැවැති ‘ස්ටාර් ස්ක්‍රින්’ සිනමා සම්මාන උලෙළට ක්‍රිති ෂැනොන් සමග සහභාගී වීමයි.

පසුගිය කාලයේ සුශාන්ත්ගේ පෙම්වතිය වු අන්කිතාද, ක්‍රිති ෂැනොන් හා සුශාන්ත් අතර ප්‍රේම සම්බන්ධයක් පවතින බවට තොරතුරු ලැබීමත් සමග ඇය සුශාන්ත් සමගින් විරසක විය. එහෙත්, පසුගිය දිවාලි උත්සවයේදී අන්කිතා හා සුශාන්ත් සමගින් යළිත් මිතුරු වූ අතර, මෙම ප්‍රවෘත්තිය පළවීමත් සමග ඇය යළිත් ඔහු සමගින් විරසකව තිබෙන බවට තොරතුරු ලැබේ.

කෙසේ වෙතත්, බොලිවුඩ් මාධ්‍යයන් අනාවරණය කර ඇත්තේ සුශාන්ත් හා ක්‍රිති මෙසේ එකිනෙකට සමීපව ඇත්තේ ඔවුන්ගේ අලුත්ම චිත්‍රපටය වු ‘රබ්තා’හි ප්‍රචාරක කටයුත්තකට බවයි. එමෙන්ම මාධ්‍ය කළ විමසීමකදී ඔහු පවසා තිබුණේ ක්‍රිති හා තමා අතර ඉතා සමිප මිත්‍රත්වයක් පවතින බවයි.