( ජයන්ත සමරකෝන් )
ස්විස්ටර් ලන්තයේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමෙන් අනතුරුව ඉදිරි මැතිවරණයක් සඳහා ඉදිරිපත් විය හැකිද යන්න පිළිබඳව විමසීම සඳහා හෙට (19) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමුවීමට යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාර සිංහ මහත්මිය පැවසුවාය.
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කර ගත් තමාට ඉන් ඉවත්ව යාමෙන් වසර 37 ක් තිස්සේ පැවැති විවාහ දිවියද අවසන් කිරීමට සිදු වු බව සඳහන් කළාය.
මෙවැනි තීරණාත්මක අවස්ථාවකට මුහුණ දීමට ගැහැණියකට නොහැකි වුවත් මව්බිම වෙනුවෙන් එම තීරණය ගත් බවද ඇය පැවසුවාය.
අභයාරාම විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.

