යහපාලනයේ හොඳ හර්ෂ ලොවට පෙන්වයි


වත්මන් රජය ශ්‍රී ලංකාවේ දූෂණය පිටුදැකීමටත්, සොරකම් කළ රාජ්‍ය දේපළ නැවත අත්පත් කරගැනීමටත්, ඵලදායී ලෙස අල්ලස් හා දූෂණ මැඩලීම වෙනුවෙන්  විමර්ශන ආයතනවල ධාරිතාවය වර්ධනය කිරීමටත් පියවර ගෙන රැසක් ගෙන ඇතැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

දූෂණයට එරෙහිවීම යනු පසුගිය රජය සමයේ හුදෙක් වචන මාත්‍රයක් පමණක්ව තිබූ රටක, යහපාලන සංස්කෘතියක් අරමුණු කරගෙන ගන්නා ලද ඉහතින් සඳහන් කරන ලද සියලු පියවර සැබෑම වෙනසක් බවත්, දූෂණය මර්දනය කිරීම සඳහා සහාය වන ලෙස සම්මුතිවාදී රජය සිවිල් සමාජය සහ ව්‍යාපාරික ප්‍රජාව ධෛර්යමත් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්ස් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියේ පාර්ශවකාර රටවල හයවන සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස ඊයේ (03) ශ්‍රී ලංකාව වෙනුවෙන් සමුළුව ඇමතූ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  මේ බව කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ගේ නායකත්වයෙන් මෙම වෙනස රටතුළ ඇතිවෙමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් විශේෂයෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා පිළිබඳවත්, පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් ලද ජනතා වරමින් පසුව පිහිටුවන ලද අනිකුත් විමර්ශන යාන්ත්‍රණය ගැනත් විස්තර කළේය.

HS_2015114Addressing-02