යහපාලනයෙනුත් ඩිංගකට දේශපාලන පත්වීම්


යුරෝපා රටවල් ඇතුළු රටවල් 28 ක ශ්‍රී ලංකා තානාපති ධූර කඩිනමින් පිර වීමට කටයුතු කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා කියයි. මාසයකට වැඩි කලක සිට එම පදවි හිස්වී ඇත.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල කමිටුවේ අනුමැතිය ලැබූ වහාම එම පුරප්පාඩු පුරවන බව ඔහු කියයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන් 70%ක අනුපාතයටද, දේශපාලන පත්වීම් 30% ක අනුපාතයටද යටත්ව නම් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි. මේවන විට බ්‍රිතාන්‍ය, තායිලන්තය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය ඇතුළු රටවල් 28ක තානාපති ධූර පුරප්පාඩුවී පවතින්නේ එම රටවල් සඳහා ඉකුත් රජය විසින් ලබාදී තිබූ දේශපාලනික පත්වීම් වත්මන් රජය අහෝසි කිරීමත් සමගය.