කිසිම අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකමක් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීන් තෝරා ගන්නා ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රමය ශ්‍රී ලංකාවට මහත් විනයක් බව කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ අද ගම්පහදී පැවසූහ.
හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග හා වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ යන ජනපතිවරුන් දෙදෙනාම බලයට පත්වීමට පෙර විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බව පැවසූ නමුත් එය ඉටු නොකළ බව ද ඒ හිමියෝ කීහ.
විධායක ජනපති ක්‍රමය නැති කර පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් තෝරා ගන්නා ක්‍රමය ද වෙනස් කරන ලෙසට ආණ්ඩුවට බල කර සිටින බව ද සෝභිත හිමියෝ පැවසූහ.