යහපාලනයට ඇමරිකාවෙන් සහතිකයක්


නව රජය ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ඔස්සේ මානව හිමිකම් ශක්තිමත් කරන ඉදිරි ගමනක නිරතවන බව ඇමරිකා එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනොන් පැවසීය.

සාමයේ ප්‍රතිලාබ ශ්‍රී ලංකාවේ සියලු ජනතාවට ලබාදීමට ඇමරිකාව කටයුතු කරන බවද ෂැනොන් කීවේය.

ඇමරිකා නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්වරයා විදේශ අමාත්‍යංශයේදී ඇමැති මංගල සමරවීර මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා සිදුකළ අතර වෙළඳාම හා ආයෝජන ඉහළ නැංවීම හා සමුද්‍රික ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාවය ගැනද සාකච්ඡා කළ බව එහි ආරංචි කියයි.