යහ පාලනයයි අධිකරණයයි


නීතිය හා යහපාලනය රජයන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  කෙටුම්පත් කරන බව  යහපාලනය සඳහා වන පුරවැසි ව්‍යාපාරය හෙවත් සිමෝග් කියයි.

යට පාලනය උදෙසා අධිකරණයට ගිය හැටි සහ ඔවුන්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ ඇතුළත් දෑ ගැන සිමෝග්හි සභාපති ආචාර්ය ඒ සී විස්වලිංගම්  ලංකාදීප එසැණ සමග සමූඛ සාකච්ඡාවකට එක්වෙමින් විස්තර කළේය.

වරලත් ඉංජිනේරුවකු වන විස්වලිංගම් මහතා මහජන අයිතිවාසිකම්, තොරතුරු මර්දනය, වගවීම, දූෂණ ආදී ගැන ඉංග්‍රීසි පුවත්පත් කිහිපයකට ලිපි සපයයි.

එම ලිපිවල සිංහල පරිවර්ථන ඇතුළත් පොතක් ද 2012 නොවැම්බරයේ එළිදැක්විණි.

ආචාර්ය ඒ සී විස්වලිංගම් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයයෙන් ශාස්ත්‍රපති උපාධිය දිනා ගත්තේය. ලන්ඩනයේ විද්‍යා තාක්ෂණය පිළිබඳ ඉම්පීරියල් විද්‍යාලයයේ ඩිප්ලෝමා සහතික ලාභියකු වූ ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයයෙන් ආචාර්ය උපාධිය සමත් විය.

ඔහු වරලත් ඉංජිනේරුවරයෙකි. එතෙර සොළොස් වසරක් ගත කළ ඔහු ගංගා නම් නිම්න සංවර්ධන මණ්ඩලයේ වලවේ ව්‍යාපාරියේ (සිවිල්) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විය. අනතුරුව ඔහු ඉංජිනේරු උපදේශකවරයකු ලෙස ක්‍රියා කළේය.

1993 සිට 99 කාලයේ දී ඔහු නිර්මාණ ඉංජිනේරු සංලමයේ සභාපති විය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංශෝධනය යටතේ පත් කැරුණු රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙක් ද විය. 2002 සිට 2005 දක්වා ඔහු එම සාමාජිකත්වය දැරීය. යටපාලනය සඳහා වන පුරවැසි ව්‍යාපාරයේ සභාපති ලෙස 2005 දී තෝරා පත් කර ගැනීමත් සමඟ ඔහු සිය වෘත්තිය ජීවිතයෙන් සමු ගත්තේය.

පුවත්පත් කලා විශිෂ්ඨයන් සඳහා ශ්‍රී ලංකා කර්තෘ සංසදය, පුවත්පත් පැමිණිලි කොමිසම සමග එක්වී 2012 අගෝස්තු මාසයේ දී පැවැත්වූ සම්මාන උළෙලේදී යහ පාලනය සඳහා වන පුරවැසි සංවිධානය වෙනුවෙන් එහි සභාපති ආචාර්ය ඒ සී විස්වලිංගම් මහතා, සේපාල ගුණසේන සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.