යල කන්නයේ වී ගන්න වැඩිපුර සල්ලි


(අංජුල මහික වීරරත්න)

යල කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීමේ වැඩ සටහනට අමතර ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025 වර්ෂයේ වී මිල දී ගැනීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 6,000 ක් රජය විසින් වෙන් කර ඇති අතර, මේ වන විට ඉන් රුපියල් මිලියන 5,288 ක් වැය කරමින් වී අලෙවි මණ්ඩලය විසින් දිස්ත්‍රික්ක 16 ක වී මෙට්‍රික්ටොන් 43,891 ක ප්‍රමාණයක් මිල දී ගෙන ඇත. දැනට අස්වනු නෙලමින් පවතින පොළොන්නරුව, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය යන කලාප වලින් යල කන්නයේ ඉදිරි කාල සීමාව තුළ වී අස්වනු මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් සැලසුම් සකස් කර තිබේ. 

ඒ අනුව, රජයේ සහතික මිලගණන් යටතේ තවදුරටත් 2025 යල කන්නය තුළ ගොවීන්ගෙන් වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.