නීති විරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු අද (5) අළුයම 02.30ට පමණ ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 40ක පමණ දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත්තේය.
මෙම පිරිස අතර කාන්තාවක්, කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙක් සහ කුඩා පිරිමි දරුවන් දෙදෙනෙක් ද විය. මාර්තු මස 1 වන දින “වින්දන 3” නැමති බහුදින ධීවර යාත්‍රාව මගින් මීගමුව ප්‍රදේශයෙන් මෙම පිරිස පිටත්ව ගොස් ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව ලද බුද්ධි තොරතුරක් මත මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.
අත්අඩංගුවට ගත් පිරිස ගාලු වරාය වෙත රැගෙන ඒමෙන් පසුව ඉදිරි විමර්ශණ කටයුතු සඳහා ගාල්ල පොලීසිය වෙත භාර දීමට කටයුතු කැරිණි.






