ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රමුඛ එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව තමාට ලිඛිතව දැනුම් දෙන්නැයි සන්ධාන මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ ගැන සලකා බලා අවශ්‍ය පියවර ගන්නා බවත් කී අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය සමග එක්වී ලක්ෂ ගණනින් ඡන්ද ගන්නා අය වෙන්වී ගියවිට එලෙස බලය ගනීද යන්න බලාගත හැකි බවත් කීවේය.

