යනවාද නැද්ද හෙළ උරුමයේ තීරණය අද


ජාතික හෙළ උරුමය ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනා වලට ලැබුණු ප්‍රතිචාර සාකච්ඡා කරන හා ආණ්ඩුවෙන් යන්නේදැයි තීරණය කරන විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බව හෙළ උරුමයේ ආරංචි මාර්ග කියයි.

හෙළ උරුමට ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි ඉදිරිපත් වී ඇති යෝජනාව මෙම විශේෂ රැස්වීමේ දී සම්මත වනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන ජනපතිවරණයට පෙර ඉටු නොකළහොත් නියත වශයෙන්ම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ මතය බව ද දැනගන්නට ඇත.