දකුණු පළාතේ රාජ්‍ය නිලධාරින්ට දුන් යතුරුපැදි ගත් ඇතැම් නිලධාරින්ගේ අතිකාල දීමනා ගෙවීම් දකුණු පළාත් ප්‍රධාන ලේකම් වරියගේ නියෝගයකින් අත්හිටුවා ඇතැයි නිලධාරීන් මැසිවිලි නගති. මේ සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.කේ.කේ.අතුකෝරළ මහත්මිය කියා සිටියේ යතුරුපැදි ලැබීමට හිමිකම් තිබුණේ ක්ෂේත්‍ර නිලධාරීන්ට පමණක් බවයි. ක්ෂේත්‍රයේ සේවය කරන නිලධාරීන්ට අතිකාල හිමිනොවන බව ද ඇය කීවාය. කේෂ්ත්‍රයේ සේවය නොකරන ඇතැම් නිලධාරින් ද ආයතන ප්‍රධානීන්ගෙන් අනුමැතිය ඉල්ලා යතුරුපැදි ලබාගෙන ඇත්නම් ඔවුන්ගේ අතිකාල දීමනා ඉදිරියේ දී අත්හිටුවීමට තමන් විසින් චක්‍රෙල්ඛයක් නිකුත් කළ බව ද ඇය කියා සිටියාය.

