යතුරුපැදිකරුවන් 25000 දඩයට අකමැතිලු


අධික වේගය හා වමෙන් ඉස්සර කිරීම යන වැරැදිවලට රුපියල් 25 000 ක දඩයක් ගැසීම ප්‍රායෝගික නැති බැවින් ඒ ගැන යළි සළකා බලන්නැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

අන්තර්ජාතික ප්‍රමිතියට අනුව වේග සීමා පුවරු සවි කර නැති බැවින් රියැදුරන් අපහසුවට පත් කර මුදල් ඉපැයීමක් මෙමගින් සිදුවන බවට එම සංගමය චෝදනා කරයි.

මෙම නීතිය හමුවේ අඩු ආදායම්ලාභීන්ට දිවි නසාගන්නා තත්ත්වයක් වුව නිර්මාණය වීමට ඉඩ ඇතැයි ද එමනිසා රථ වාහනයේ තරාතිරම අනුව දඩගැසීම් සිදුකරන්නැයි ද ලිපියක් යොමුකරමින් එම සංවිධානය ඉල්ලා සිටී.