යතුරුපැදිකරුගේ මාරයා මල් පෝච්චියෙන් එයි


කිරිබත්ගොඩ ගාල හන්දියේදී යතුරුපැදිකරුවකු පාර මැද නගර අලංකරණයට තබා තිබූ මල් පෝච්චියක ගැටී මිය ගිය බව පොලිසිය කියයි.

තවත් අයකු පිටුපස නංවාගෙන පැමිණි හෙට්ටිපොළ පදිංචි 46 හැවිරිදි එම පුද්ගලයා අනතුරින් පසු කිරිබත්ගොඩ රෝහලට ඇතුළු කර ඇති අතර හිසට හානි සිදුවීමෙන් ඔහු මිය ගොස් ඇතැයිද අනෙක් පුද්ගලයාට කිසිදු අනතුරක් නොවූ බවද පොලිසිය පවසයි.