යතුරුපැදිකරු වෙඩි කා නසී


කොළඹ මහනුවර මාර්ගයේ  පස්යාලේදී අද අලුයම වෙඩි තැබීමෙන් යතුරුපැදිකරුවෙකු මිය  ගිය බව පොලීසිය කියයි.

අණ නොතකා දාවනය කළ යතුරුපැදියකට  වෙඩි තබන්නට ඇතැයි දැනගන්නට ඇත.

 මිය ගිය ඉන්දික ජයසිංහ සමඟ යතුරුපැදියේ පසුපස ගිය තරුණයා (18) කියනුයේ පොලිසියේ අණට කීකරු වී යතුරු පැදිය නැවැත්වූ පසු ඔහුට වෙඩි වැදුණු බවයි. එහෙත් පොලිසිය කියනුයේ අන නොතකා නොනවත්වා ගිය හෙයින් වෙඩි තැබූ බවයි.

මීරිගම පදිංචි මිය ගිය ඉන්දික මාස 14 දරුවකුගේ පියෙකි.