යතුරු පැදියේ ගිය දෙන්නා මරුට


පුත්තලම වනාතවිල්ලුව පාරේ හතේ කණුව අසලදී ටිපර් රියක් හා යතුරු පැදියක් ගැටීමෙන්  යතුරු පැදියේ ගිය දෙදෙනා මරුමුවට පත් වුහ.

යතුරුපැදිය ද ගිනිගෙන ඇත.එම ගින්න ටිපර් රියටද ඇවිලී ගිය බව අසල් වැසියෝ කියති.