ජල සම්පත් මණ්ඩල සේවකයන් ලෙස හොරණ සිඳුරංගල නිවසකට ගොස් නිවැසියන් තිදෙනකු බැඳ දමා රන් අබරණ හා විදුලි භාණ්ඩ පැහැර ගත් යතුරුපැදිකරුවන් දෙදෙනකු සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෑත දී රට සිට පැමිණි පිරිසකට අයත් රන් භාණ්ඩ ද සොරුන් අතට පත් වන්නට ඇතැයි පොලිසිය කියයි.
ඔවුන් පැමිණි යතුරු පැදියේ අංකයක් නැති බව ද පොලිසිය සඳහන් කරයි.

